• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සඟවා තිබූ සීනි රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගිකයන්ට

1 September 2021
in දේශීය

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඉදිරියේදී මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

 

Post Views: 18
Previous Post

සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාතාව සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණයක්

Next Post

පුනර්ජනනීය බලශක්ති දායකත්වය සඳහා ටෙන්ඩර් කැදවීම් කඩිනමින් – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

පුනර්ජනනීය බලශක්ති දායකත්වය සඳහා ටෙන්ඩර් කැදවීම් කඩිනමින් - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved