• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරයාගේ මැතිවරණයට විරුද්ධ බව මනුෂ කියයි

20 April 2020
in දේශීය

මාරයාගේ මැතිවරණයට විරුද්ධ බවත් මේ පැවැත්වීමට සූදානම් වන්නේ මාරයාට අත වැනීමේ මැතිවරණයක් බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී ඔහු කියා සිටියේ ආර්ථිකය කඩා වැටීම, ජනතාවගේ රැකියා අහිමිවීම වැනි අවාසිදායක තත්වයන් ඉදිරියේදී නිර්මාණය විය හැකි බවත් එම අවාසිදායක තත්වයන්ට මුහුණදීමට නොහැකි නිසා ආණ්ඩුව මාරයාට අත වනමින් කඩිනමින් පාර්ලිමේන්තු මැතිරවණයක් පැවැත්වීමට උත්සාහ ගන්නා බවයි.

එහිදී නානායක්කාර මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ මැතිවරණ කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ ගන්නේ ඇයි? රැකියා අහිමිවීම, ඉදිරියේදී එන ආර්ථික අවපාතයන්ට මුහුණදීමට නොහැකිවීම වගේ දේවල් නිසා තමයි කඩිනමින් මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ ගන්නේ. ආණ්ඩුව මැතිවරණය කල් යනවාට බය නිසා තමයි කඩිනමින් මැතිවරණය තියන්න හදන්නේ. අපි මැතිවරණවලට බය නෑ. රටේ තත්වය සාමාන්‍ය අතට පත්වෙන මුල්ම අවස්ථාවේදීම මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය. දින පනස් දෙකේ කුමන්ත්‍රණයේදීත් නීති විරෝධි ලෙස මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී අපි ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. අපි මැතිවරණයට විරුද්ධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. සම බිමක් සකස් නොවී ආණ්ඩුවට ඔ්න ඔ්න ආකාරයට මේ ව්‍යවසනය භාවිතා කරමින් මැතිවරණ පැවැත්වීමට අපි විරුද්ධ වෙනවා. කොරෝනා වසංගතය දේශපාලනීකරණය කිරීම ආරම්භ කරන්නේ පළමු රෝගීන් 18 දෙනා වාර්තාවූ දිනයේ සිටයි. මේ රට වසා තැබිය යුතු යැයි, ඇදිරිනීතිය දැමිය යුතු යැයි සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කරන විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සදහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි. රට වසා දැමිය යුතු නැති බව ඔහුගේ අදහස වුනා. අපි මුඛවාඩම් දාගෙන කොරෝනා අස්සේ ඡන්ද කරන්න සූදානම් බව ආණ්ඩුවේ ඇමැතිවරු කිව්වා. ඊට පස්සේ තමයි ගමේ ප්‍රාදේශීය දේශපාලඥයින් හරහා බඩු මළු බෙදන දේශපාලනය ආරම්භ කළේ. පාසල් විවෘත කරනවා, විශ්ව විද්‍යාල විවෘත කරනවා, ඡන්ද පැවැත්වීමට සූදානම් බව ආණ්ඩුවේ ඇමැතිවරු කියන්න ගත්තා. මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා ඡන්ද කරන්න එපා කියන පණිවුඩය දෙනවා.

 

 

 

Post Views: 7
Previous Post

ඇඳිරි නීතිය ඉවත් කළේ ඡන්දේ තියන්න නෙමෙයි – රෝහිත අබේගුණවර්ධන කියයි

Next Post

ආසාදිතයන් 304 යි – ඉදිරි සති දෙකේ වැඩියෙන් පරිස්සම් වෙන්න

editor

editor

Next Post

ආසාදිතයන් 304 යි - ඉදිරි සති දෙකේ වැඩියෙන් පරිස්සම් වෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved