ඇමරිකාව සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල පරිමාණය සීමා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
එම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිම් ජෝ යොන්ග් ප්‍රකාශ කර ඇත්තේ පියොංයැං රජයට එම ක්‍රියාමාර්ගය කෙරෙහි “කිසිදු උනන්දුවක් නැති” බවයි. එසේම, හමුදා අභ්‍යාසවල පරිමාණය කුඩා කළ පමණින් ඒවායේ සතුරු ස්වභාවය වෙනස් නොවන බව නායක කිම් ජොන් උන් ද අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ට්‍රම්ප් සහ කිම් අතර පවතින පුද්ගලික සබඳතාව තවමත් “ඉතා විශිෂ්ට” මට්ටමක පවතින බව කිම් ජෝ යොන්ග් සඳහන් කළ ද, ඇමරිකාවේ සමස්ත ප්‍රතිපත්තිය තවදුරටත් තර්ජනයක් ලෙස පවතින බව ඇය දැඩිව කියා සිටියාය. මීට අමතරව, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් උතුරු කොරියානු හමුදා අතිරේකව යොදවා ඇති බවට කරන ලද ප්‍රකාශය ද උතුරු කොරියාව විසින් පදනම් විරහිත ප්‍රකාශයක් ලෙස බැහැර කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














