• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව බදු-පසු ලාභයේ 48% ක වර්ධනයක්

23 February 2022
in ව්‍යාපාර

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance – SDF) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුවෙන් පසු ප්‍රථම වරට සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත.

2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ, 2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 ට අදාළ මූල්‍ය ප්‍රතිඵල මේ ආකාරයට ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ප්‍රතිඵල වලට අනුව සමාගමේ බදු-පසු ලාභය 48% කින්, එනම් රු. මිලියන 118 දක්වා වර්ධනය වී ඇති අතර, සමස්ත ආදායම 5% ක වර්ධනයක් සමග රු. බිලියන 1.3 ක් ලෙස වාර්තා වී ඇත. මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය 17% කින් වර්ධනය වී, රු. බිලියන 10.5 මට්ටමට පැමිණ තිබේ. සමස්ත ණය කළඹ ද 13% කින් වර්ධනය වී ඇති අතර වත්කම් මත ප්‍රතිලාභය 2% කින් වර්ධනය වී ඇත. ගෝලීය වසංගත තත්ත්වය නිසා සමස්ත කර්මාන්තයම දැඩි බලපෑමකට ලක් වූ අවධියක සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මෙම වර්ධනීය ප්‍රතිඵල වාර්තා කිරීම සුවිශේෂී කරුණකි.

මෙම ප්‍රතිඵල මෙන්ම, සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් වෙතින් පළ වූ උනන්දුව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ශක්තිය, ස්ථාවරත්වය හා වර්ධන හැකියාවන් පිළිබද පැහැදිලි සාක්ෂි සපයයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුවට විශාල අධිදායකත්වයක් ලැබුණු අතර, අයදුම්කරුවන් අතරින් 17% ක්ම SDF සමාගමේ ආයෝජනය සඳහාම ඉදිරිපත් වූ නව ආයෝජකයන් වීම විශේෂත්වයකි. මෙය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම සහ ආයෝජකයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් බවට පත්වී තිබේ. එමෙන්ම ආයෝජකයන්ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුව හරහා කොළඹ කොටස් වෙළඳපොළ තුළ ලාභ ඉපයීම් මෙන්ම සමාජයීය මෙහෙවරක් උදෙසා ආයෝජනය කිරීමට ද ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ආයෝජකයින්ගේ වඩාත් අවදානයට ලක් වු සමාගමක් විය.

මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන්, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ සභාපති චන්න ද සිල්වා මහතා මෙසේ අදහස් පළකළේ ය. “දශක තුනකට අධික අපගේ ගමන්මග තුළදී අප ගොවීන්ගේ හා ග්‍රාමීය ප්‍රජාවන්ගේ කෘෂිකාර්මික කටයුතු හා ඒ සම්බන්ධ ව්‍යාපාර වලට අත්වැලක් වෙමින්, රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබාදුන්නා. මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුව අපගේ ණය කළඹ තවදුරටත් පුළුල් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙය ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් ඔවුන් සවිබල ගන්වන පියවරක්. එමෙන්ම ආයෝජකයන්ට සුවිශේෂී වටිනාකම් ලබා දෙමින්, අභිමානයෙන් ජීවත් වන, ආර්ථික වශයෙන් ප්‍රගතිශීලී සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ ප්‍රතිඥාව තව දුරටත් සවිබල ගැන්වීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා. ඊට අමතරව, 2023 වසර වනවිට අපගේ වත්කම් පදනම දෙගුණ කරගනිමින් රු. බිලියන 20 සීමාවට ළඟා වීම සඳහා පුළුල් මට්ටමේ ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීමටත් කටයුතු යොදා ඇති බව අපගේ ආයෝජකයන් වෙත දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්.”

ඉදිරියේදී තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙරටත් වඩා විශිෂ්ට වූ සේවාවක් ලබාදීම සහ ආයෝජකයන් වෙනුවෙන් ඉහළම තලයේ වටිනාකම් නිර්මාණය කිරීම ඉලක්ක කරගනිමින් නිර්මාණශීලී චින්තනයක් ඔස්සේ, නවීනතම තාක්ෂණයන් භාවිතා කරමින්, සුවිශේෂී වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම සූදානමින් සිටී.

 

පිටපත – PR 

 

 

 

Post Views: 26
Previous Post

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

Next Post

රජය ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහිමකට පත්වෙනවා – මන්ත්‍රී වසන්ත

editor

editor

Next Post

රජය ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහිමකට පත්වෙනවා - මන්ත්‍රී වසන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved