27 April 2024
#දේශීය

රජය ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහිමකට පත්වෙනවා – මන්ත්‍රී වසන්ත

විපක්ෂය ගොඩනැගු තර්කය වනුයේ මෙම වසංගතය රජයට පාලනය කර ගැනීමට නොහැකි වන බවත් හා විවිධ මත ඉදිරිපත් කළ විපක්ෂය අද කට උත්තර නැති වෙන තත්වයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා අදහස් දක්වමින්, “ යහපාලන සමයේ එනම් 2017 අංක 24 දරණ පනත නිසායි අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල බදු ගණනය කිරීමට යටත්වී තිබෙන්නේ. සංශෝදන අවස්ථාවේදී අපි මේවා අයින් කරනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මහජනතාවගේ පැත්තේ සිට මේ ප්‍රශ්න විසදන්නේ.මුදල් ඇමතිතුමා ප්‍රතිඥාවක් ලබාදිලා තිබෙනවා මේ අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මේ අධිභාර බද්දේන් ඉවත් කරන බවයි.

අද වන විට තෙල් පිළිබඳව ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. තෙල් පිළිබඳව ගැටලුවක් ලෝක පරිමාණව ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට මේ වන විට ලැබිලා තිබෙන තෙල් නැව් 03 ක ගැටලුවක් පහුගිය කාලයේ ඇතිවෙලා තිබුණා. නමුත් අතිගරු ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කරන්නට යෙදුණා ඒ සම්බන්ධයෙන් අදාළ විනිමය මුදල් මහබැංකුව හරහා ලබා දෙන්න කියලා. ඒ අනුව අප රජය තෙල් පිළිබඳව ගැටලුවකින් තොරව යම් යම් සීමාකම් ඇති වුණත් එම ගැටලු විසඳිම වෙනුවෙන් රජය ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ මහජනතාව තුළ ඇති කරන්න හදන ජුගුප්සාව මා හිතනවා ජාතිය හෙළා දකින කාරණයක් විය යුතුයි. අප රජයෙන් පස්සේ එළඹෙන ඕනෑම රජයකට අප මේ රජය
භාර දෙන්නේ ආර්ථික වශයෙන් ඉතා පැහැදිලි තත්වයක් ඇති කරලා කියලා කියන්න ඕන. මේ අර්බුදකාරි අවස්ථාවක වුණත් අපි මේ ආර්ථිකය කළමණාකරණය කර ගන්නවා කියන්න ඕන. අපි කිසිසේස්තම ණය පැහැර හැරීම්වලට යොමුවෙලා නෑ. පහුගිය අවස්ථාවලදී පිරිස් කිව්වා ජනවාරි 18 වන විට ණය ගෙවන්න වෙන්න බැරි වෙනවා කියලා. රට බංකොලොත්භාවයට පත්වෙනවා කියලා. නමුත් අපි ඒ ණය ගෙවා දැමුවා.

ඒ වගේම මේ දවස්වල මාධ්‍ය මිතුරන්ට ප්‍රහාර එල්ල කරන ඒවා වැඩි වැඩියෙන් සිදු වෙනවා. අපි ඇත්ත වශයෙන්ම අතිශය කණගාටුවට පත්වෙනවා හිරු නාලිකාවේ චමුදිත සමරවික්‍රම මැතිතුමාට එල්ල කරපු ඒ වැරදි ක්‍රියාවලිය පිළිබඳව. අපි දැඩි ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට හෙළා දකිනවා. මේ වගේ තත්වයන් උදා වන්නේ මාර්තු මාසයේදී. ඒ මානව හිමිකම් කොමිසම රැස්වෙන නිසා. ඒ මාර්තු මාසයේදී මානව හිමිකම් කොමිසම රැස්වෙන විට ඒ අයට කියන්න හදන්නේ,මාධ්‍යවේදීන්ට පහර දෙනවා කියා ඔවුන්ගේ අනුකම්පාව දිනාගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරන්නයි. අපි රජයක් විදිහට මේ රටේ හෙට දවසේ අනාගත සාර්ථකව කරගෙන යාම සඳහා අපේ වැඩකටයුතු අපි සිදු කරනවා.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *