27 April 2024
#දේශීය

රිය අනතුරින් මාස 05 ක දැරියක් මරුට

වලපනේ, මහනුවර මාර්ගයේ ඊයේ (08) සිදු වු අනතුරින් මාස 05 වයසැති දැරියක් මිය ගොස ඇති බව පොලිසිය පවසයි.

කාර් රථයේ රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවත ගොස් බෝක්කුවකට වැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබු කුඩා දැරිය එම ස්ථානයේම මිය ගොස් ඇත.

මිය ගිය දැරිය මැණික්හින්න ප්‍ර දේශයේ පදිංචිකාරියකි. අනතුරින් කාර් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු, පිරිමි පුද්ගලයෙකු හා වයස අවුරුදු 04 ක් හා වයස අවුරුදු 02 ක් වු පිරිමි දරුවන් දෙදෙනෙකු තුවාල ලබා අධිකාරිගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *