27 April 2024
#දේශීය

සවර්ණපුරවර සම්මාන උළෙල නැවතත් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක කියයි

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් වාර්ෂීකව ක්‍රියාත්මක කරනු ලබන “සවර්ණපුරවර “සම්මාන උළෙල නැවත ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඉකුත්දා දඹුල්ල දිගම්පතහ දි පැවති පළාත් සභා නිලධෘරින් පුහුණූ කිරිමේ වැඩසටහනට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා කියා සිටියේ පළාත් පාලන ආයතන මගින් ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබා දිම සදහා එම ආයතන සවිබල ගැන්වම සහ දිරිමත් කිරිම මෙම සම්මාන උළෙලේ අරමුණ බවද කිය.

අමාත්‍යංශය මගින් හදුන්වාදි ඇති කාර්ය සාධන ඉහළ නැංවිමේ ක්‍රියාවලිය ඔස්සේ යමින් පළාත් මට්ටමන් මහ නගර සභා,නගර සභා,ප්‍රාදේශිය සභා ලෙස කාණ්ඩ තුනක් යට‍තේ ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන පළමු අදියර යටතේ තෝරා ගැනෙන බවත් අනතුරුව පළාත් සභා මගින් තෝරා දෙනු ලබන පළාත් පාලන අයතන අදාළ ඇගයිම් නැවත ජාතික මට්ටමේ නිරික්ෂණ කණ්ඩායමක් යොදවා විනිශ්චය කර ජාතික මට්ටමේ හොදම පළාත් පාලන ආයතනය ලෙස මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා යන කාණ්ඩ යටතේ තෝරා ගන්නා බවද දිසානායක මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *