• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී 50% කින් අවම කෙරේ

7 December 2018
in සංවර්ධන

මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර නොමැති බවත් 2017 වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000ක් බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ ඉන් ලද අස්වැන්න ප්‍රමාණවත් නොවූ බැවින් 2017 වසරේ දී බඩඉරිඟු මෙ.ටො.164,000ක් මෙරටට ආනයනය කර තිබෙන අතර ඒ සඳහා වැය කරන ලද මුදල රු.මි. 23,000 ක් බවයි.

මෙවර මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගා කෙරෙන අක්කර ප්‍රමාණය 2,50,000ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර එමඟින් ජාතික අවශ්‍යතාවය සියයට 50ක් සපුරා ගැනීමට හැකි වෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව පවසයි.

එම නිසා මෙම මහ කන්නය තුළ වගා කර තිබෙන බඩඉරිඟු අක්කර ප්‍රමාණය ලක්ෂයකින් ඉහළ ගොස් ඇති නිසා ලබන වසරේ දී මෙරටට ආනයනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය සියයට 50න් අවම කිරීමට හැකියාව ලැබේ.

අප රටේ බඩඉරිඟු වගාවට විශාල හානියක් කළ හැකිව තිබූ “සේනා දළඹු” වසංගතය මේ වන විට පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී ඇති අතර සේනා දළඹු වසංගතය නිසා බඩඉරිඟු අක්කර දෙදහසකට පමණ හානි සිදු වී ඇතැයි වාර්තා වේ.

නමුත් බඩඉරිඟු සමස්ත අස්වැන්න කෙරෙහි ඉන් බලපෑමක් එල්ල නොවන බව තහවුරු වී ඇති අතර දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බඩඉරිඟු අස්වැන්න ඉහළ යා හැකි බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.

Post Views: 12
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සම්බන්ධ අතුරු තහනම 10 තෙක් කල් යයි

Next Post

උතුරේ ජල ගැටලූව විසදීමට ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

editor

editor

Next Post

උතුරේ ජල ගැටලූව විසදීමට ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved