27 April 2024
#දේශීය

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් කඩලා : දඹුල්ලේ 50ක් ඇතුලේ

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳාම්  කටයුතුවල නිරත වූ පුද්ගලයින් 50 කු  අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන ආකාරයට ඊයේ (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාල ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී බහුතරයක් අත් අඩංගුවට පත්ව ඇත්තේ  මූඛ ආවරණ පැළදීමකින් තොරව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පදනමින් බවත් වාර්තා වෙයි.

එම අවස්ථාවට එක්වූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිත නොකර වෙළදාම් කටයුතු සිදු කරන සියලු වෙළඳසැල් වසා දැමිමට පියවර ගන්නා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *