27 April 2024
#දේශීය

රාමසාන් උපවාස සමය ඇරඹෙයි

මුස්ලිම් ආගමෙහි ප්‍රධාන උත්සවයක් ලෙස රාමසාන් උපවාසය අද (25) දින අලුයම ආරම්භ කර තිබේ.

මෙවර මුස්ලිම් භක්තිකයන් මුස්ලිම් පල්ලිවල යාඥාවන්වලට සහභාගි නොවී නිවාසවල සිටම පවුලේ සමාජිකයන් සමඟ එක්ව රාමසාන් උපවාසය ආරම්භ කර තිබේ.

එසේම කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමඟ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය වසා දමා ඇති අතර , රාමසාන් උපවාසය ආරම්භ කල අවස්ථාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥාව මුස්ලිම් භක්තිකයන්ට ශ්‍රවණය කිරිමට අවස්ථාව සලසා දි තිබුණි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *