• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසුගිය වසරේ විදුලිසැර වැදීම් මරණ 50% කින් පහලට -PUCSL

5 June 2019
in දේශීය

පසුගිය වසර 6ක කාලයට තුලදී විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2012 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් පුද්ගල මරණ 186ක් වාර්තා වි ඇති බවයි. එය 2018 වසරේදී මිය ගිය සංඛ්‍යාව 89 දක්වා අඩු වී තිබෙන බව එම කොමිසම පවසයි.

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල ආරක්ෂණය සදහා ගත් පුළුල් නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ආදර්ශ අනුව ජනගහනයේ අනුපාතයක් ලෙස විදුලි සැර වැදීම් මරණ සිදුවීම දස ලක්ෂයකට එකක් දක්වා අඩු කළ හැකිය. 2012 දී මෙරට දස ලක්ෂයක ජනගහනයට වාර්තාව මරණ සංඛ්‍යාව 9ක් වන අතර 2018 දී එය 5ක් දක්වා අඩු වී තිබේ.

2018 දත්ත අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 83කි.

විදුලි සැර වැදීම් මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ දකුණු පලාතෙන් (සියයට 67ක්) වන අතර අඩුම මරණ සංඛ්‍යාව සබරගමුව පලාතෙන් වාර්තා වී ඇත.

විදුලි සැර වැදීම් මරණ වලට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව ලෙස වන සතුන් දඩයමට හා වගා ආරක්ෂාවට අනවසර විදුලි රැහැන් එලීම හදුනා ගෙන ඇත. ඔට අමතරව විදුලි රැහැන් අසල නොසැලකිල්ලෙන් කරන ක්‍රියා හා අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතිද විදුලි සැර වැදීම් මරණ වලට හේතු වී තිබේ

විදුලිබල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව නීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති නිර්දේශ ගණනාවක් පසුගිය වසර කීපය තුලදී හදුන්වා දුන්නේය. විදුලි පේනු සදහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම, ප්‍රධාන විදුලි රැහැන් සහ ඉදිකිරීම් අතර පැවතිය යුතු ආරක්ෂිත පරතර පිළිබද රෙගුලාසි හදුන්වාදීම සහ විදුලිකාර්මිකයින් සදහා වෘත්තීමය බලපත්‍රයක් හදුන්වාදීමට පියවර ගැනීම ආදිය ඒ අතර ප්‍රධාන වේ.

 

 

Post Views: 7
Previous Post

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් – හිටපු ඇමැති කබීර් (විඩියෝ)

Next Post

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන් විජයලාල්ට

editor

editor

Next Post

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන් විජයලාල්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved