50 වැනි ජාතික මහා ක්රීඩා උළෙල යටතේ පැවැති පිරිමි වොලිබෝල් ශූරතාව බස්නාහිර පළාත දිනාගත් අතර, කාන්තා වොලිබෝල් ශූරතාව සබරගමුව පළාතට හිමි වී තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරය කේන්ද්ර කර ගනිමින් පැවැති තරගාවලියට දිවයිනේ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් එක්වූ අතර, පිරිමි හා කාන්තා තරග ලීග් ක්රමයට පැවැත්වීම විශේෂත්වයකි.
පිරිමි අවසන් තරගයේදී බස්නාහිර පළාත සහ දකුණු පළාත තරග වැදුණු අතර, වට 3–0ක ජයක් වාර්තා කරමින් බස්නාහිර ක්රීඩකයෝ රන් පදක්කම දිනාගත්හ. ඒ අනුව දකුණු පළාතට රිදී පදක්කමත්, ඌව පළාතට ලෝකඩ පදක්කමත් හිමි විය.
කාන්තා තරගාවලියේ රන් පදක්කම සබරගමුව පළාත දිනාගත් අතර, බස්නාහිර පළාතට රිදී පදක්කමත්, දකුණු පළාතට ලෝකඩ පදක්කමත් හිමි විය.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ දීප්ති රුමේෂ් සම්මාන ලැබූ අතර, දක්ෂතම ක්රීඩිකාව ලෙස සබරගමුව පළාත නියෝජනය කළ එස්. ජී. දිලුක්ෂි හර්ෂණී සේනාරත්න සම්මාන ලැබුවාය.














