27 April 2024
#දේශීය #පුවත්

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දින (02) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ, කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දිය.

මෙරට හා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාව තුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු අතර, 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1622 කට පත්වීම් ලබාදීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්‍, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය‍, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශණ සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පි‍රිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *