• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් සේවකයන් 6000 ක්ට රැකියා අහිමිවෙනවා – ඇමැති නිමල්

1 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්, ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා “ මීට දශක ගණනාවකට පෙර ජාතික ගුවන් සේවාවක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකන් ගුවන් සේවාව අපටම ආවේණික වූ ගුවන් සේවාවක්. එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ රුපියල් මිලියන 30 ලාභයක් ලබා ගැනීමට එය සමත් වුණා. ඒ හැරෙන්නට කිසිදු ලාභයක් උපයා ගැනීමට මෙතක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී නැහැ. කිසි දිනෙක ගුවන් යානයක් දැක නැති, ගුවන් යානයකට පය තබාවත් නැති පුද්ගලයාගේ සිට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් තමයි මේ ගුවන් සේවය නඩත්තු වන්නේ. අපටම කියා ජාතික ගුවන් සේවාවක් තිබෙනවා කියන අභිමානයක් තිබෙනවා. නමුත් එම අභිමානයට ගෙවන මුදල සාධාරණ ද කියන ප්‍රශ්නය අද මතු වෙනවා. අද වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ගත් ගුවන් යානා වෙනුවෙන්, දේශීය රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයකට එම හිඟ මුදල් ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වගේම මුදල් ගෙවන්නේ නොමැතිව ලබා ගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න වෙලා තිබෙනවා. මේ විදිහට ණය වෙලා ගුවන් සේවාවක් ඉදිරියට පවත්වාගෙන යන්න බැහැ. රටේ ඇති වූ විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික ගැටලුව නිසා වෙනදා වගේ අලාභ ලබන අවස්ථාවලදී මුදල් ලබා දෙන්න රජයට හැකියාවක් නැහැ. එලෙස ලබාදීම සාධාරණත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තීරණය කළේ ඒ නිසයි. රජය යටතේ 51%ක කොටස් තබාගෙන තමයි එම ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නේ. 49%ක් වෙනත් ආයෝජකයකුට ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගොඩබිම් මෙහෙයුම්වලින් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් නම් යම් ලාභයක් ලබනවා. නමුත් එය ගුවන් සේවයේ අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් නැහැ. එනිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමට අවශ්‍ය ද කියන කාරණයත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයත් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. මෙමඟින් අපට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කරනවා. අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව සේවක අයිතිවාසිකම් අරක්ෂා වන ආකාරයට කොන්දේසි සහිතව අදාළ ආයෝජකයාට අප එය භාර දෙනවා. පසුව ඒ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩිනමින් මෙම කටයුත්ත සිදු නොවුණහොත් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා. කොවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම ගුවන් සේවා කඩාවැටුණා. සංචාරකයන් රටවලට පැමිණියේ නැහැ. ලෝකයේ බොහෝ රටවලට තම ගුවන් යානා ගුවන්තොටුපළ තුළ ගාල් කර තැබීමට සිදුවුණා. එවැනි තත්ත්වයක් තුළ කටාර් ගුවන් සේවයේ නියමුවන් හැත්තෑ දෙදෙනකු ඉවත් කිරීම පවා සිදුවුණා. නමුත් අපේ ගුවන් සේවකයන්ට වැටුපෙන් භාගයක් ලබා දීමට රජය කටයුතු කළා. ගුවන් නියමුවන් නිවසේ සිටියත් එම වැටුප් ලබා දුන්නා. එවැනි මානුෂීය හැඟීමකින් යුතුව තමයි රජය කටයුතු කළේ. කොවිඩ් ව්‍යසනයෙන් පසුව රට තුළ අරගලයක් ඇති වුණා. සංචාරකයන් ලංකාවට ආවේ නැහැ. නමුත් එම සියලු අභියෝග මැඩපවත්වාගෙන නැවත ශ්‍රි ලංකන් ගුවන් සේවාව හරහා අපේ රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පුළුවන්කම ලැබුණා. ඒ අනුව දිනෙන් දින සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තා යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා සඳහා අයදුම්පත් කැදවේ – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

ගරාජය තුලදී විදුලි සැර වැදී අයෙකු මරුට

editor

editor

Next Post

ගරාජය තුලදී විදුලි සැර වැදී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved