• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසර 73 කට පසුව එක්සත් ජාතික පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස් වෙයි.

20 August 2020
in දේශීය

නව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද (20) පස්වරුවේ ආරම්භ විය. වසර 73 කට පසුව එක්සත් ජාතික පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස් වීම විශේෂත්වයකි.

එමෙන්ම අද රැස් වූ 9 වන පාර්ලිමේන්තුවේ විශේෂතා ගණනාවක් විය.

2015 පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ ගණන 06 වුවද මෙවර පක්ෂ 15 ක් විය. මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකරගත්තේ මන්ත්‍රීධූර 145 ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීධූර අතරින් 81 දෙනෙකු ම පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයයි. එම පිරිස අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සිටීම ද විශේෂත්වයකි.

තවද වයස අවුරුදු 25 – 40 අතර වයසේ පසුවන මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

නව පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන් ප්‍රතිශතයක් ලෙස 11% කි.

නව මැති සබය නියෝජනය කරන ලාබාලතම මන්ත්‍රීවරයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතායි.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ ලාබාලතම අමාත්‍යවරයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි.

මේ අතර මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරනු ලබන්නේ වයස අවුරුදු 41 – 50 ඛාණ්ඩයටයි. ඒ මන්ත්‍රීධූර 67 ක් වේ.

එමෙන්ම,

            වයස අවුරුදු 51 – 60 අතර මන්ත්‍රීවරැ 54

            වයස අවුරුදු 61 – 70 අතර මන්ත්‍රීවරැ 37

            වයස අවුරුදු 71 – 80 අතර මන්ත්‍රීවරැ 09 ක් ද,

වයස අවුරුදු 81 – 90 නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් ද වෙයි. ඒ

            වාසුදේව නානායක්කාර

            සී.වී.විග්නේෂ්වරන්

            රාජවරෝදයම් සම්බන්දන් යන මන්ත්‍රීවරුන්ය.

2015 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගණන 13 ක් වුව ද එය මෙවර 12 ක් වී ඇත. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3% ක් වේ

Post Views: 41
Previous Post

සෞභාග්‍යමත් දේශය ගොඩනගන්න එක්වන්නැයි ජනපති මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

Next Post

සෙනසුරාදා සිට විදුලිය අඛණ්ඩව සැපයේ.

editor

editor

Next Post

සෙනසුරාදා සිට විදුලිය අඛණ්ඩව සැපයේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved