27 April 2024
#දේශීය

සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්දයෙන් 8 අත්අඩංගුවට

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කාර්යලය පවසයි.

ඊයේ (10) පස්වරු 6.20 ට පමණ 119 දුරකථනයෙන් අංකයට මිරිහාන පොලීසියට මේ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ. මිරිහාන, කොට්ටාව පාරේ ෆිනෑන්ස් ආයතනයක් ඉදිරිපිට එම ආයනයේ සේවයකයින් පිරිසක් පිටස්තර පුද්ගලයින් දෙනෙකු ගැටුමක් ඇති කර ගත් බව වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 ක් වු කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණකරු හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *