• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858ක් දිවයිනට ගෙන්වා ගැනේ

11 July 2019
in දේශීය

විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු අද (11) වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි. සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයින් 146 දෙනෙකු එහි රැදී සිටි.

සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැදී සිටි ශ්‍රමිකයින් 18 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට තවත් 33 දෙනෙකු එහි රැදී සිටිති. ජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12ක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට කිසිදු ශ්‍රමිකයෙකු එහි රැදී නොසිටීන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසිය.

ඒ අනුව ලොව පුරා පිහිටි තානාපති කාර්යාල කම්කරු අංශ 12ක් යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල මේ වන විට රැදි සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය 263කි.

2019 මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් විදේශ ගතවී ඇති පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 56,526කි. එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්ත ප්‍රමාණයෙන් 59% කි. පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626 කි.

2019 ජනවාරි සිට ජූනි දක්වා ගතවූ කාලය තුළ කාන්තාවන් 39,382 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර එය සමස්ත විදේශ ගතවීම්වලින් 41% කි. කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් රැකියා සදහා ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 14,948 කි.

2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කුවේට්හි රැකියා සදහා ශ්‍රමිකයින් 20,601 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, කටාර් රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් 19,026 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. එසේම සෞදි අරාබියෙහි රැකියා සදහා ශ්‍රමිකයින් 16,747 දෙනෙකුද පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

Post Views: 24
Previous Post

ජලජීවී වගා පර්යේෂණ කේන්ද්රය විවෘත කරයි

Next Post

ආණ්ඩුවේ හා ජවිපේ විවාහය අවලංගුයි

editor

editor

Next Post

ආණ්ඩුවේ හා ජවිපේ විවාහය අවලංගුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved