හැටන්හි පිහිටි රිකාටන් වනවගා රක්ෂිතයට ගිනි තැබූ සැකකරුවෙකු හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත අද (02) ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු තමන් කළ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව වරදකරු වූ සැකකරුට දඩ මුදල් සහ රක්ෂිතයට ගිනි තැබීම නිසා සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් 91,100 ක මුදලක් ගෙවන ලෙසටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
නල්ලතන්නි – ශ්‍රී පාද මාර්ගයේ පිහිටි මෙම රිකාටන් රක්ෂිතයට සැකකරු ගිනි තැබීම හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5 ක පමණ දැවැන්ත කොටසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. පසුව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන්, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ නල්ලතන්නි පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න පාලනය කිරීමට සමත් වී තිබුණා.













