සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට මෙවර අලුතින්ම ඇතුළත් කළ “හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත” හෙට (අප්‍රේල් 17) දිනට යෙදී තිබේ. ඒ අනුව හෙට පෙරවරු 5.38 ට රන්වන් පැහැති වස්ත්‍රයෙන් සැරසී, දී කිරි මිශ්‍ර කිරිබතක් සහ උඳු මිශ්‍ර කැවිලි වර්ග අනුභව කර උතුරු දිශාව බලා රාජකාරී සඳහා පිටත්ව යෑම සුබ බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.
මීට අමතරව, සාමාන්‍ය පරිදි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 20 වැනි සඳුදා පෙරවරු 6.27 ට යෙදී ඇති අතර, පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.01 ට යෙදී තිබේ. උත්සව සමයෙන් පසු යළි සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ නැකත් කාලවේලාවන් ප්‍රකාශයට පත් කර ඇත.
















