ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන බීබීසී (BBC) ආයතනය සිය වාර්ෂික අයවැයෙන් 10% ක් එනම් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක් ඉතිරි කර ගැනීමේ අරමුණින් රැකියා 2,000 ක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බව අද (16) නිවේදනය කළේය පවතින උද්ධමනය, බලපත්‍ර ගාස්තු ආදායම පහත වැටීම සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ එල්ල වී ඇති මූල්‍ය පීඩනය මෙලෙස රැකියා කප්පාදු කිරීමට ප්‍රධානතම හේතුව වී තිබේ
දශකයකට වැඩි කාලයක් තුළ බීබීසී ආයතනය සිදු කරන විශාලතම රැකියා කප්පාදුව මෙය වන අතර මින් වැඩි ප්‍රමාණයක් 2027 අප්‍රේල් මාසයෙන් ඇරඹෙන මූල්‍ය වර්ෂය තුළ සිදු කිරීමට නියමිතය මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළ වූ වාර්තා චිත්‍රපටයක අන්තර්ගත වූ අසත්‍ය සංස්කරණයක් හේතුවෙන් ඔහු බීබීසී ආයතනයට එරෙහිව ඩොලර් බිලියන 10 ක අපහාස නඩුවක් ද ගොනු කර තිබීම එම ආයතනය මුහුණ දී සිටින තවත් බරපතල අභියෝගයකි බ්‍රිතාන්‍ය රජය ද බීබීසී ආයතනය සඳහා වඩාත් තිරසාර අරමුදල් ආකෘතියක් පිළිබඳව මේ වන විට අවධානය යොමු කරමින් සිටියි














