ඉරානය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ධවල මන්දිරය පළ කරන සුබවාදී අදහස් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇමෙරිකානු ඩොලරයට පවතින ඉල්ලුම පහළ බැස ඇති අතර, බ්‍රහස්පතින්දා වන විට ඩොලරයේ අගය පසුගිය මාර්තු මුල සිට වාර්තා වූ අවම මට්ටමට ආසන්න වී තිබේ.
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වීමට ආසන්න බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ආයෝජකයින් ආරක්ෂිත පියවරක් ලෙස ඩොලර් සංචිත පවත්වා ගැනීම වෙනුවට වෙනත් විදේශ විනිමය සහ අවදානම් සහිත ආයෝජන වෙත යොමු වීම මෙලෙස ඩොලරයේ අගය අඩුවීමට හේතු වී ඇත. දෙපාර්ශවය අතර තීරණාත්මක සාකච්ඡා ඉදිරියේදී පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
මෙම වාතාවරණය හමුවේ යුරෝ (Euro) මුදල් ඒකකය අඛණ්ඩව නවවන දිනටත් ස්ථාවර වෙමින් පවතින අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය වසර හතරකින් වාර්තා වූ ඉහළම අගයට පැමිණ ඇත. වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ යම් හෙයකින් ඩොලරයේ පවතින ප්‍රධාන ආධාරක මට්ටම් බිඳ වැටුණහොත් එහි අගය තවදුරටත් පහත වැටීමේ අවදානමක් පවතින බවයි. මැදපෙරදිග සාමය උදා වීම ගෝලීය මූල්‍ය වෙළඳපොළට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරති.
















