අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ පොලිසිය ඊයේ (අප්‍රේල් 16) දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයන් 461 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේදී පුද්ගලයන් 24,441 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
වරෙන්තුකරුවන් 148 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 102 දෙනෙකු ද මෙහිදී කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම් යටතේ බීමත් රියදුරන් 161 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,058 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
අලුත් අවුරුදු සමයෙන් පසු මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.














