2026 වසරේ පළමු කාර්තුව තුළ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 26.5 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.
2025 වසරේ පළමු මාස තුනේදී ලැබී තිබුණේ ඩොලර් මිලියන 1,815 ක් පමණි. රජයේ මූල්‍ය විනිවිධභාවය පිළිබඳ විශ්වාසය ඉහළ යාම සහ නීත්‍යානුකූල මාර්ග හරහා මුදල් එවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රමිකයන් දිරිමත් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. මීට අමතරව, මේ වසරේ මුල් මාස තුන තුළ පමණක් ශ්‍රමිකයන් 62,145 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව ද වාර්තා වේ.












