ලොව සුපිරි ධනවත් ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම, සිය මංගල කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වෙමින් පවතින පසුබිමක ඩොලර් බිලියන 20ක දැවැන්ත අතුරු (Bridge Loan) ණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ සමාගම සතු පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය ශක්තිය ඉහළ නංවා ගැනීම සඳහා බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
SpaceX සමාගම මෙලෙස ලබාගත් ණය මුදල හරහා මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලය සහ ‘xAI’ කෘතිම බුද්ධි සමාගම හා සම්බන්ධව පැවති ඇතැම් ණය පහසුකම් පියවීමට පියවර ගෙන තිබේ. මේ සමඟ 2024 වසර අවසානයේ ඩොලර් බිලියන 22.05ක් ලෙස පැවති සමාගමේ සමස්ත ණය බර, 2026 මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 20.07ක් දක්වා තරමක් අඩු වී ඇති බව නියාමන වාර්තා පෙන්වා දෙයි.
මෙම වසරේ ගිම්හාන සෘතුවේදී SpaceX සමාගම කොටස් වෙළඳපොළට ලැයිස්තුගත වීමට අපේක්ෂා කරන අතර, එය ඉතිහාසයේ විශාලතම කොටස් නිකුතුව වනු ඇතැයි විශ්වාස කෙරේ. සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.75ක් පමණ වනු ඇති බවට පුරෝකථනය කර ඇත. අතුරු ණය ලබාගැනීම මඟින් සමාගම කොටස් වෙළඳපොළට පිවිසෙන තෙක් අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, කොටස් නිකුතුවෙන් ලැබෙන ආදායමෙන් මෙම ණය පියවීමට පවා අවස්ථාව පවතී.














