ඉරාන යුද්ධය අවසන් කරමින් ලෝක ආර්ථිකයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම සඳහා ඉරානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව Axios පුවත් සේවය වාර්තා කරයි. පකිස්ථානු මැදිහත්කරුවන් හරහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම නව යෝජනාවට අනුව යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, මතභේදාත්මක න්‍යෂ්ටික සාකච්ඡා පසුවට කල් තැබීමට ඉරානය එකඟතාව පළ කර ඇත. වසර කිහිපයක් තිස්සේ කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කළ ඉරාන යුද්ධය නිමා කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලැබුණු සාධනීය පියවරක් ලෙස මෙය ජාත්‍යන්තර විචාරකයින් හඳුන්වා දෙයි.















