සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඊයේ (27) නිශ්ප්‍රභ කරන ලදී.
නඩුව පවරා ඇත්තේ නියමිත කාලය ඉක්මවා (කාලාවරෝධය) බව රෝහල් පාර්ශවය තර්ක කළත්, විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 143 (1) වගන්තිය අනුව, වරදක් අනාවරණය වූ දිනය ලෙස සැලකිය යුත්තේ පැමිණිල්ල කළ දිනය නොව, විමර්ශන මගින් වරද තහවුරු කරගත් දිනයයි. ඒ අනුව 2024 ඔක්තෝම්බර් 27 දින වරද අනාවරණය කරගෙන දෙසැම්බර් 15 දින නඩු පැවරීම නීත්‍යානුකූල බව අධිකරණය තීන්දු කළේය.
නඩුව මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී “කාලාවරෝධය” පිළිබඳ විරෝධයක් මතු නොකර රෝහලේ නියෝජිතයා වරද පිළිගත්තේ මන්දැයි විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළේය. මීට පෙර අවස්ථාවකදී වැඩබලන මහේස්ත්‍රාත්වරියක රුපියල් 25,000ක දඩයක් පමණක් නියම කරමින් දුන් තීන්දුව දෝෂසහගත බවට ද මීට පෙර හෙළි වී තිබුණි.
ප්‍රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභ වීමත් සමඟ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව චෝදනා පත්‍ර කියවා දීම සඳහා ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇත.
මෙම සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අගතියට පත් පාර්ශවය වන සනත් කුමාර අතුකෝරල මහතා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.














