මෙම වසරේ (2026) ජනවාරි මාසය තුළ රජයේ සමස්ත ආදායම පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 35.2%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2025 ජනවාරි මාසයේ රුපියල් බිලියන 346.58ක් වූ රජයේ ආදායම 2026 ජනවාරි මාසය වන විට රුපියල් බිලියන 468.75ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආදායම් වර්ධනයත් සමඟ අයවැය හිඟය ද සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර එය රුපියල් බිලියන 3.81ක් ලෙස සටහන් වේ.
රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් දක්වා වර්ධනය වී ඇති අතර එය සියයට 35ක ඉහළ යාමකි. එමෙන්ම බදු නොවන ආදායම ද රුපියල් බිලියන 34.52ක් දක්වා සියයට 37.5ක වර්ධනයක් පෙන්වා ඇත. මෙම කාලසීමාව තුළ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 472.56ක් ලෙස වාර්තා වන අතර රජයේ ආදායම් කළමනාකරණය ඉතා සාර්ථක මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශයේ දත්ත මඟින් පෙන්වා දෙයි.














