රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ දෙන ගැටලුවලට සහනයක් ලෙස ඉදිරි ගෙවීම් (Advance Payments) සිදු කිරීමට පියවර ගන්නා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පවසයි.
රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය. සබරගමුව පළාතේ දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සොයා බැලීම මෙම හමුවේ අරමුණ විය. එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පෙන්වා දුන්නේ වෙළඳපොළේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ උච්චාවචනය වීම ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කිරීමට විශාල බාධාවක් වී ඇති බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිකිරීම්කරුවන්ට අවශ්‍ය මූල්‍ය ද්‍රවශීලතාවය ලබා දීම සඳහා අදාළ ඉදිරි ගෙවීම් කඩිනම් කිරීමට ආණ්ඩුකාරවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙම පියවර මඟින් පළාතේ සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීමකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














