නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහනයකට අංක තහඩු නිකුත් කිරීමේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් කොමිසම විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. වර්තමානයේ බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන ගයනි කෞශල්‍යා විජේසිංහ නැමැති නිලධාරිනිය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අංක තහඩු නිකුත් කිරීමේදී සිදුකළ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ වරදක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ උසස් නිලධාරීන් සම්බන්ධ මෙවැනි දූෂණ ක්‍රියා මැඩලීමට අල්ලස් කොමිසම සිය විමර්ශන දැඩි කර තිබේ.














