• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය ගැන පූර්ණ විගණන වාර්තාවක් මාසයක් තුළ සභාවට

30 April 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය ගැන  පූර්ණ විගණන වාර්තාවක්  මාසයක් තුළ සභාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට අටවැනි සහ නවවැනි පාර්ලිමේන්තුවල මුදල් කළමනාකරණය සිදු වූ ආකාරය පිළිබඳ පූර්ණ විගණන වාර්තාව තවත් මාසයක් වැනි කෙටි කාලයක් තුළ මැතිසබයට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේලා හමුවේ කරුණු දක්වමින් කථානායකවරයා මේ බව අවධාරණය කළේය. ජනතා බදු මුදල් පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන ආකාරය පිළිබඳව දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම සහ මින් පෙර විගණනයට ලක් නොවූ පාර්ලිමේන්තුවේ ඇතැම් අංශ පිළිබඳ පාරදෘශ්‍යභාවයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. නව විගණකාධිපතිනිය විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරියේදී වත්මන් පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් ද මෙවැනිම විගණනයක් සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මුදල් පාලනයට අමතරව පාර්ලිමේන්තුවේ නව ප්‍රතිසංස්කරණ කිහිපයක් ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව කථානායක නිල නිවාස සංකීර්ණයේ කොටසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. මෙම මධ්‍යස්ථානය හරහා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන සභිකයන්ට ආණ්ඩුකරණය, විගණනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා වැනි විෂයන් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීමට සැලසුම් කර තිබේ. එසේම වත්මන් පාර්ලිමේන්තුව ගතවූ වසරක කාලය තුළ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ඇතුළු ජනතාවට වැදගත් අණපනත් 26ක් සම්මත කර ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ මැද පෙරදිග අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා විශාල මුදලක් වෙන් කිරීමට ද කටයුතු කර ඇත. මෙහිදී අදහස් දැක්වූ මහනායක හිමිවරුන් සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් පෙන්වා දුන්නේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම් සහ හරවත් කතා පිළිබඳව ජනතාව තුළ පවතින කනගාටුව මඟහරවා ගැනීමට සුදුසු පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයන් සතු බවයි.
Post Views: 1
Previous Post

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතය ගැන මෛත්‍රී වික්‍රමසිංහ සැකකාරියක් වීමේ සූදානමක්

Next Post

මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම හැක් කිරීමක් නොව වංචාවක්

Editor TTV News

Editor TTV News

Next Post
මහා භාණ්ඩාගාරයේ  මුදල් අස්ථානගත වීම  හැක් කිරීමක් නොව වංචාවක්

මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම හැක් කිරීමක් නොව වංචාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් ලේකම්  COPF කමිටුවට නොපැමිණීම ගැන  සභාපති හර්ෂ ද සිල්වාගෙන්  විවේචනයක්

මුදල් ලේකම් COPF කමිටුවට නොපැමිණීම ගැන සභාපති හර්ෂ ද සිල්වාගෙන් විවේචනයක්

30 April 2026
අමෙරිකාව විසින්  මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට  මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

අමෙරිකාව විසින් මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

30 April 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්  කණගාටුදායක හෙළිදරව්වක්:

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කණගාටුදායක හෙළිදරව්වක්:

30 April 2026
පාලවියේදී  නීති විරෝධී කහ කිලෝ 994ක්  අල්ලයි

පාලවියේදී නීති විරෝධී කහ කිලෝ 994ක් අල්ලයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාව විසින්  මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට  මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

අමෙරිකාව විසින් මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

30 April 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්  කණගාටුදායක හෙළිදරව්වක්:

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කණගාටුදායක හෙළිදරව්වක්:

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved