වසර 50ක ඉතිහාසය තුළ පළමු වතාවට ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් පාලනයක් නොමැති තත්ත්වයක් උදාවෙමින් කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පාලක වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) පරාජයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නිල නොවන වාර්තාවලට අනුව, අප්‍රේල් 9 වන දින පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) පැහැදිලි ඉදිරියක් ලබාගෙන තිබේ.
කේරළ ප්‍රාන්ත සභාවේ මුළු ආසන 140න් ආසන 100ක බලය තහවුරු කරගැනීමට කොංග්‍රසය ප්‍රමුඛ UDF සන්ධානය සමත්ව ඇති අතර, පින්යාරායි විජයියන්ගේ නායකත්වයෙන් යුත් පාලක LDF සන්ධානයට ලබාගත හැකි වී ඇත්තේ ආසන 40ක් පමණි.
මෙම පරාජයත් සමඟ 1977 වසරෙන් පසු ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් මහ ඇමතිවරයෙකු නොමැති යුගයක් උදාවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.













