ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජාතික සභාපති නිතින් නබින් මහතා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසු රට ඇමතීමට පියවර ගත්හ.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා 2026 වසරේ මැතිවරණ ප්‍රතිඵල ඉන්දීය දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්වීය.
ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, වසර ගණනාවක කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය ලැබුණු බවත්, එය ඉන්දීය ජනතාවගේ සහ පක්ෂ ක්‍රියාකාරීන්ගේ සතුටට හේතු වී ඇති බවත්ය. එමෙන්ම බටහිර බෙංගාලය, ඇසෑම්, පුදුචේරිය සහ දෙමළ ජනතාවගේ ඡන්දය තමන් අගය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
BJP ජාතික සභාපති නිතින් නබින් මහතා සිය කතාවේදී මෙම ජයග්‍රහණය පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සහ කැපකිරීම් කළ ක්‍රියාකාරීන් වෙනුවෙන් කැප කරන බව ප්‍රකාශ කළේය.














