මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2026 මැයි මාසය සඳහා දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම වලංගු වේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765 කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890 කි.














