කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කිරීමට පියවර ගත් බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ජලාශය තුළ විශාල වශයෙන් රොන් මඩ තැන්පත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ජලාශ වේල්ල අසලට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන කල්තියා දැනුවත් කර මෙම විවෘත කිරීම සිදු කර ඇත. මඩ සොරව්ව විවෘත කිරීමේදී තත්පරයට ඝන මීටර් 90ක පමණ සුළු ජල ධාරිතාවක් පිටවී ඇති බව වාර්තා වේ. කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට ජලාශයේ ජල ධාරිතාව 27.7% දක්වා පහළ බැස තිබේ. කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කර ඇත්තේ 2024 වසරේදීය.














