රන් කිලෝ පහක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 1800ක (කෝටි 18ක) මුදලක් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ගලේවෙල පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (06) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි. අදාළ සැකකාර තරුණයන් දෙදෙනා ලබන 12 වනදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මුහුණු ආවරණය කරමින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














