ප්‍රජා අරගලයක් හරහා ජනතාව බලාපොරොත්තු වූ සමාජීය සහ දේශපාලනික වෙනස සැබෑ ලෙසම සාක්ෂාත් කරගත හැක්කේ එම අභිලාෂයන් රාජ්‍ය පාලන ප්‍රතිපත්ති බවට පත් කිරීමෙන් පමණක් බව ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ මහතා පවසයි.
වර්තමාන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ අරගලයේ තිබූ මූලික ඉල්ලීම් සහ බලාපොරොත්තු ආණ්ඩුකරණයේ භාෂාවට (Language of Governance) පරිවර්තනය වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. “ඒක තමයි මේ යන ක්‍රියාවලිය,” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, වීදි අරගලයක පැවති ජනතා අපේක්ෂාවන් ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය ක්‍රියාමාර්ග හරහා ක්‍රියාවට නැංවීම වත්මන් ගමන් මගෙහි අරමුණ විය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.














