අරගල සමයේ ජනතාව පෙළගැසුණු අභිලාෂයන් සහ අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට එදා තිබූ අයිතිය අදටත් ඒ අයුරින්ම පවතින බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා අවධාරණය කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතාවගේ හඬ සහ අයිතිවාසිකම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, කාලය ගත වුවද ජනතාව අපේක්ෂා කළ වෙනස සහ යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා හඬ නැගීමේ අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බවයි. “අරගලයේ අභිලාෂ වෙනුවෙන් හඬ නගන්න එදා තිබ්බ අයිතියම අපිට අදත් තියෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අරගලයට සම්බන්ධ වූ පාර්ශ්වයන්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අද දවසේත් වලංගු බව සිහිපත් කරමිනි.














