අද දිනය තුළ ඉශ්‍රායලය විසින් ලෙබනනයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරවලින් බහුතරයක් එරට දකුණු දිග ප්‍රදේශවලට එල්ල වී තිබේ.
විශේෂයෙන්ම, හෙස්බොල්ලා සංවිධානයේ සාමාන්‍ය බලකොටුවලින් බැහැරව පිහිටි බේරූට් අගනුවරට ආසන්න ප්‍රධාන මහා මාර්ගයක් ඉලක්ක කරගනිමින් ද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර එල්ල වූයේ පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් උත්සන්න කරමිනි.














