තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන 2026 “මිස් අවුරා ඉන්ටර්නැෂනල්” (Miss Aura International) රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනෙවිය අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියාය. ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 ගුවන් යානයෙන් මෙලෙස තුර්කිය බලා පිටත්ව ගොස් තිබේ.
ලොව පුරා රටවල් 50ක රූ රැජිනියන් සහභාගී වන මෙම ජාත්‍යන්තර තරගාවලිය මැයි 10 වනදා සිට මැයි 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවීනා නවීක්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියක වීම විශේෂත්වයක් වන අතර, ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකා නාමය බැබළවීමට ඇයට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.














