ඉන්දියාවේ ඉන්ධන පිරිමැසීම සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් කොවිඩ් සමයේ ක්‍රියාත්මක වූ ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work From Home) ක්‍රමවේදය යළි අනුගමනය කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහ පුරවැසියන්ට දැනුම් දී තිබේ.
රටේ යහපත උදෙසා ඉන්ධන අරපිරිමැස්මට දායක වන ලෙස ඉල්ලා සිටින අග්‍රාමාත්‍යවරයා, රථවාහන හවුලේ භාවිත කිරීම (Carpooling) සහ විද්‍යුත් වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ද අවධාරණය කර ඇත. ගෝලීය බලශක්ති මිල ගණන් හමුවේ ඉන්දීය ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම උපායමාර්ගික පියවර අතිශය වැදගත් බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.














