‘හන්ටා’ වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බේරා ගැනීම සඳහා එරට හමුදා වෛද්‍යවරුන් සහ පැරෂුට් භටයින් පිරිසක් ලොව දුෂ්කරම දූපතක් වන ට්‍රිස්ටන් ඩා කුන්හා (Tristan da Cunha) වෙත ළඟා වී තිබේ.
අත්ලාන්තික් සාගරයේ පිහිටි මෙම හුදෙකලා දූපත වෙත සහන කණ්ඩායම් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිට කිලෝමීටර් 10,000කට වැඩි දුරක් ගෙවා දමමිනි. ‘MV Hondius’ නෞකාවේ සිටි මෙම රෝගියා අප්‍රේල් 14 වනදා දූපතට ගොඩබැස ඇති අතර, සති දෙකකට පසු රෝග ලක්ෂණ පෙන්වීමත් සමඟ මෙම හදිසි මෙහෙයුම දියත් කර ඇත.
මෙහෙයුමේ විශේෂත්වය:
බ්‍රිතාන්‍ය 16 ගුවන් ප්‍රහාරක බළකායේ පැරෂුට් භටයින් හය දෙනෙකු සහ හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙකු පළමුව ඔක්ස්ෆර්ඩ්ෂයර් සිට කිලෝමීටර් 6,788ක් දුරින් පිහිටි ඇසෙන්ෂන් දූපතට ගොස්, අනතුරුව එතැන් සිට RAF A400M යානයකින් තවත් කිලෝමීටර් 3,000ක් පියාසර කර ට්‍රිස්ටන් ඩා කුන්හා වෙත පැරෂුට් මගින් ගොඩබැස තිබේ.
පැරෂුට් පැනීමක් හරහා මානුෂීය වෛද්‍ය ආධාර සැපයීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.














