ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීම අරමුණු කරගත් “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
2026 අයවැය මගින් මෙම වැඩසටහන වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව මෙහිදී අනාවරණය විය. ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කර ඇත.
දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා ඇති අතර, ඒවායේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සහ නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතී. මෙම ව්‍යාපෘති හරහා ජන ජීවිතය නංවාලීම සඳහා ලැබෙන දායකත්වය පිළිබඳ නිරන්තර පසු විපරමක සිටීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














