ධාරා ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, රාජාංගනය සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 5,500ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරේ. මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 14,565ක ජල ධාරිතාවක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතී.
මීට අමතරව අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 653ක ජල ප්රමාණයක් කලා ඔයට එක්වේ. මේ හේතුවෙන් දැදුරු ඔය සහ කලා ඔය පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.














