ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ඉංජිනේරු සහ තාක්ෂණික අංශය සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ විශේෂ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. පළපුරුදු කාර්මික ශිල්පීන්හට මෙම අවස්ථාව සඳහා සහභාගී විය හැකි අතර, ඒ සඳහා www.emiratesgroupcareers.com/engineering/ වෙබ් අඩවිය හරහා පූර්ව ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙහිදී ඩුබායි හි පවතින රැකියා අවස්ථා, වේතන සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ තොරතුරු එමිරේට්ස් ඉංජිනේරුවන්ගෙන් සෘජුවම දැනගැනීමට සහභාගීවන්නන්ට අවස්ථාව සැලසේ.
මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කරන අපේක්ෂකයින්ට වාණිජ ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳ අනුමත ආධුනිකත්වයක් හෝ ඊට සමාන සුදුසුකමක් සමඟ අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබිය යුතුය. තේරී පත්වන කාර්මික ශිල්පීන්හට බදු රහිත වැටුපක්, ලාභ බෙදාගැනීමේ අවස්ථා, වෛද්‍ය සහ ජීවිත රක්ෂණ, අධ්‍යාපන දීමනා සහ පවුලේ සාමාජිකයන්ට ද හිමිවන වට්ටම් සහිත ගුවන් ටිකට්පත් ඇතුළු ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් හිමිවේ. මීට අමතරව එමිරේට්ස් ප්ලැටිනම් කාඩ්පත හරහා විවිධ වෙළඳ නාම සහ සේවාවන් සඳහා සුවිශේෂී වරප්‍රසාද ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.














