කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවට අයත්, කොට්ටාව නගර මධ්‍යයේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි රජයේ ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකුට බදු දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 19.40ක් වන මෙම ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනත යටතේ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) වෙත පවරා ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු භාවිතයට නොගත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව විසින් මෙම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව වසර 99ක දිගුකාලීන බදු පදනම මත මෙම ඉඩම ආයෝජකයෙකු වෙත ලබා දීමට තීරණය කර ඇත. මේ සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.















