බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ පහසුව උදෙසා චීන රජයේ ආධාර යටතේ රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබේ. මෙම යන්ත්‍රය රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් අත්සන් තැබීම ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) සිදු විය.
හොංකොං හි (Glorious Sun) පදනම සහ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ගේ විශේෂ අනුග්‍රහය මත මෙම වටිනා උපකරණය රෝහල වෙත හිමි විය. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ බදුල්ල සහ අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට වඩාත් කාර්යක්ෂම ලෙස රුධිර කාන්දු පෙරණ සේවා (Dialysis) ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.















