අන්තර්ජාලය හරහා ළමුන් සමඟ ලිංගික අරමුණු ඇතිව සන්නිවේදනය කිරීමේ චෝදනාව මත 25 හැවිරිදි පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ මධ්‍යම වෙරළබඩ (Central Coast) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රිස්බේන් වෝටර් පොලිස් දිස්ත්‍රික්කයේ (Brisbane Water Police District) රහස් පරීක්ෂකයන් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අදාළ පුද්ගලයා අන්තර්ජාල චැට් සේවාවක් (online chat service) ඔස්සේ ළමුන් සමඟ සන්නිවේදනය කරන බවට ලද පැමිණිලි මත රහස් පරීක්ෂකයන් විසින් පසුගිය 11 වන සඳුදා විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව ඊයේ (12) දහවල් 2.40 ට පමණ ගෝස්ෆර්ඩ් (Gosford) හි පිහිටි නිවසක් පරීක්ෂා කළ පොලීසිය එහි තිබූ විද්‍යුත් උපාංග සහ ඇඳුම් ඇතුළු නඩු භාණ්ඩ රැසක් සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිවිරෝධී ලිංගික ක්‍රියා සඳහා ළමුන් පෙළඹවීම ඇතුළු චෝදනා පහක් යටතේ නඩු පවරා ඇත. ඔහුට ඇප ලබා දීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අද (13) දින ඇප අංශයේ අංක 6 මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














