රජය මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන්ගේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. මාලදිවයිනේ පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණයන් දෙස බියෙන් නොබලා, මානව හිමිකම්වලට ගරු කරමින් ඒවා වගකීම් සහගතව වැළඳගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සකස් කෙරෙන නව මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍ය නිදහස තහවුරු කිරීම, පුද්ගල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම යන ප්‍රධාන කුළුණු තුන මත පදනම් වන බව ඔහු සඳහන් කළේය. සම්ප්‍රදායික හා ඩිජිටල් මාධ්‍ය එකිනෙකා සමඟ තරග කරනවා වෙනුවට, සත්‍ය තොරතුරු ජනගත කිරීමේ සහකරුවන් ලෙස ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.මෙම සමුළුව සඳහා බංග්ලාදේශය, මාලදිවයිනය සහ ටිමෝර් ලෙස්තේ යන රටවල අමාත්‍යවරුන් මෙන්ම BIMSTEC සහ SAARC මහලේකම්වරුන් ද සහභාගී වී සිටියහ. මාලදිවයිනේ විලා නෝටිකාහි පැවැත්වෙන මෙම 21 වන ආසියානු මාධ්‍ය සමුළුව මැයි 11 වනදා ආරම්භ වූ අතර එය මැයි 14 වනදා දක්වා පැවැත්වේ.














