රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වන විට රුපියල අවප්‍රමාණය වෙමින් පවතින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ආණ්ඩුව තමන්ගේම දර්ශනයක් අනුව නොව පිටින් ලැබුණු උපදෙස් මත ආනයන අපනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
වාහන ආනයනය කිරීමේදී ඩොලර් වැය වුවද රජය බදු ලබාගත්තේ රුපියල්වලින් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ හේතුවෙන් ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය. රුපියල මෙතරම් වේගයෙන් කඩාවැටීම හේතුවෙන් දැනටමත් කර්මාන්තශාලා ඇතුළු සමස්ත ආර්ථිකයම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු අවධාරණය කළේය.
වහාම පවතින තීන්දු තීරණ වෙනස් නොකළහොත් ආර්ථිකය සංකෝචනය වී ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත්, එය රටේ සිවිල් පද්ධතීන් බිඳවැටීමට මඟපාදනු ඇති බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.














