ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුන යා කරමින් “සදර්න් මිස්ට් ට්‍රයෑංගල්” (Southern Mist Triangle) නමින් නව ප්‍රධාන සංචාරක කලාපයක් හඳුන්වා දී තිබේ.තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නව සංචාරක කලාපය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරන ලදී.නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වෙමින් නව සංචාරක කලාපයේ අරමුණු සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වා ඇත.දිස්ත්‍රික්ක තුනක පවතින ස්වභාවික සෞන්දර්යය සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන ඒකාබද්ධ කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.














